මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු ආශ්රිත කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබන අතර ඔවුන්ගේ වැටුප් පරිවර්තන කටයුතු ආදිය අප අංශයෙන් සිදු කරයි.
තවද අප දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ ආයතනික කටයුතු හා මානව සම්පත් කටයුතු සිදු කරනු ලබන්නේ ද මෙම අංශයෙන් ය. නිධාරීන් බඳවා ගැනීම, සේවයේ ස්ථිර කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විශ්‍රාම ගැන්වීම වැනි සියළුම කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
පෞද්ගලික ලිපිගොනු නඩත්තුව | : | දෙපාර්මේන්තුවේ සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු වලට අදාල කටයුතු පවත්වාගෙන යයි. |
සේවක සංඛ්‍යාව කළමනාකරණය | : | සෑම කාර්තුවකටම වරක් සේවක සංඛ්‍යාව යාවත්කාලීන කර අදාල පාර්ශවයන් වෙතට තොරතුරු ලබා දෙයි. |
ස්ථිර කිරීම් | : | දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින්ගේ පරිවාස කාලය අවසන් වූ වහාම අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඇතිනම් එම නිලධාරින් සේවයේ ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. |
ශ්‍රේණි උසස් කිරීම | : | ඒ ඒ තනතුරුවලට අදාළ බඳවා ගැනීම චක්‍රලේඛ ප්‍රකාරව නියමිත සේවා කාලය හා අනෙකුත් අවශ්‍යතා සපුරන නිලධාරින් නියමිත දින වලට අදාල ශ්‍රේණි වලට උසස් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම. |
විශ්‍රාම ගැන්වීමට අදාල කටයුතු | : | දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින්, වයස අවුරුදු 55 - 60 අතර කාලය තුල ඔවුන්ගේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැන්වීම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීම. |
ස්ථාන මාරුවීම් | : | අනුමත වාර්ෂික ස්ථෘන මාරු ක්‍රියා පටිපාටිය අනුව වාර්ෂීක ස්ථාන මාරු සහ නිලධාරින්ගේ අවශ්‍යතාවය අනුව සුහද ස්ථාන මාරු ක්‍රම මඟින් නිලධාරින් ස්ථාන මාරු කිරීම. |
දේපල ණය | : | දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා දේපල ණය අවශ්‍ය විට අදාල ලිපි ලේඛන සමඟ නිර්දේශ සහිතව අදාළ රාජ්‍ය බැංකු වෙත යොමු කිරීම. |
අග්‍රහාර රක්ෂණ ක්‍රමය | : | ප්‍රධාන කාර්යාලයේ රක්ෂණ ප්රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නිලධාරින්ගේ අදාල ලියකියවිලි හා අයදුම්පත් ද, නව අග්‍රහාර රක්ෂණ යෝජනා ඉල්ලුම් අයදුම්පත් ද, ඉලෙක්ට්‍රොනික් කාඩ්පත ඉල්ලුම් කරන අයදුම්පත් ද අනුමැතිය ලබා ගෙන ජාතික රක්ෂණ භාර ඒකකය වෙත යොමු කිරීම. |
නිවාඩු දින වැටුප් ගෙවීම | : | සියළුම දිස්ත්‍රික් මාණ්ඩලික සහ කාර්මික නිලධාරින්ගේ නිවාඩු දින වැටුප් අයදුම්පත් සඳහා අදාළ චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා දීම. |
ඉදිරි වැඩසටහන් හා කළ වැඩසටහන් | : | සියළුම දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරින්ගේ ඉදිරි වැඩසටහන්, කළ වැඩසටහන් හා ගමන් වියදම් වවුචර්පත් සඳහා අනුමැතිය ලබා දීම |
නිල ඇඳුම් දීමනා | : | නිල ඇඳුම් දීමනා ලබා ගැනීමට හිමිකම් ඇති නිලධාරින්ට නිල ඇඳුම් දීමනා සඳහා අනුමැතිය ලබා දීම |